iranama
රාහු 5 සිටි පමණින් දරුවෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නේ නැත
මේ ළඟදි ඉඳලා අපේ දරුවා ඉගෙන ගන්න හරිම කම්මැලියි අනේ...
අපලයක්වත් තියෙනවද කියල බලන්න දෛවඥ තුමා හමුවෙන්න ගියා.ඒ මහත්තයා මහ පුදුම කථාවක් කිව්වනේ දරුවගෙ කේන්දරේ උපතින් රාහු පහේ නිසා ඉගෙන ගන්න බැහැ කිව්වා.මං කොහොමද ඒ කතාව විශ්වාස කරන්නෙ.ඒ දරුවා පුංචිකාලෙ ඉඳලා ඉගෙන ගන්න හරිම දක්ෂයි.ඒත් කොහොමද මෙහෙම වුණේ.
ඉගෙන ගන්න දරුවො ඉන්න අම්මලා තාත්තලා අතර මේ වගේ කතාබහ අඩුවක් නෑ.සෑම සතියකම බදාදා, සෙනසුරාදා දිනවල පසළොස්වක පෝය ලංව බෝධි පූජා තබා දරුවාට සෙත් පතති.පූජා වට්ටි තබා දෙවියන්ට කන්නලව් කරති.සෑම අපලයකටම එකම විදිහට පුද පූජා පවත්වමින් ලත වෙති.
දක්ෂ පුණ්‍යවන්ත දරුවන් රටට ජාතියට දායාදකි.මෙවැනි අපල ඇති බව කියමින් ජ්‍යොතිෂඥයින් සොයා යන අයට පිහිට වීම ඒ අයගේ වගකීමක් කරගත යුතුය.
සමහර දෛවඥයන්ගෙ මිථ්‍යා මත නිසා දෙමාපියන් මනසින් වැටෙන බව අපි දනිමු. දරුවන්ගේත් මනස දුර්වල වෙයි. ඉගෙනීමට දක්ෂ දරුවන් ද මේ බොරු මත නිසා දුර්වල වෙන අවස්ථා තිබේ.
මතුපිටින් කේන්ද්‍ර අතගාමින් පලාඵල කියන ජ්‍යොතිෂවේදීන් යැයි කියා ගන්නා ව්‍යාපාරිකයින් හතු පිපෙන්නාක් මෙන් බිහිවන මේ යුගයේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ඇති විශ්වාසය සහ ගෞරවය වැනසී යන බවත් මේ වටිනා ශාස්ත්‍රය විහිළුවකට ලක් වී ඇති බවත් වර්තමානයේ සිදුවන සමහර දේවල්වලින් පෙනී යයි. ජ්‍යොතිෂඥයා මහා බ්‍රහ්මයාට සමකර ඇත්තේ නිකම්ම නොවේ. මහා බ්‍රහ්මයා හැරුණු කොට යම් කෙනෙක් හෝ දෙයක් පිළිබඳ නිවැරදි අනාවැකියක් කිව හැක්කේ දක්ෂ ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥයකුට පමණි.
ජ්‍යොතිෂ විද්‍යාවේ පෙන්වා ඇති එක සිද්ධාන්තයක් පමණක් අරමුණු කරගෙන පලාපල කථනයේ යෙදීම සුදුසු නොවේ. අත්හදා බැලීම් පලපුරුද්ද මේ සඳහා යොදා ගතයුතු වන්නේය.
දරුවන් පිළිබඳ කතා කිරීමේ දී අධ්‍යාපනය හා රෝග පීඩා පිළිබඳ මූලිකත්ව ය දිය යුතුය.අධ්‍යාපනය පිළිබඳ කියැවෙන පස්වැන්න හා නව වැන්නේ ප්‍රබලතාවය මත ජන්මියාගේ අධ්‍යාපනයේ සාර්ථක බව කියැවේ.
රාහු පස් වැන්නේ අශුභව තැන්පත්වීමෙන් අධ්‍යාපනයට බාධා ගෙන දෙන බව ජ්‍යොතිෂ මතයයි.එහෙත් රාහු 5 සිටි පමණින් දරුවෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නේ යැයි කිව හැකිද? ඊට තවත් බොහෝ සාධක එක්විය යුතුය.ඒ අතර රාහු මහ දශාව හෝ අතුරු දශා, බාධක ග්රහයින්ගේ දශා, බාධක ස්ථානගත ග්රහයින්ගේ දශා ආදී අශුභ දශා මුල්තැන ගනී.දරුවා රෝගී වීමෙන් ,පවුලේ සාමාජිකයන් රෝගී වීමෙන් ,මවුපියන්ගේ ආර්ථිකය බිඳ වැටීම ,අලස වීමෙන් ,පාප මිතුරු ඇසුරෙන් ප්‍රේම සම්බන්ධතා ආදී දේවල් නිසාද දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ.
මේ පිළිබඳ අවබෝධයක් නොමැති ජ්‍යොතිෂවේදීන් එක් සිද්ධාන්තයක් දුටු පමණින් පවසන අනාවැකි නිසා බොහෝ මවුපියන් මානසිකව කඩා වැටේ.දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් විය පැහැදම් කරන මුදල් සහ ශ්‍රමය අපරාධයක් යැයි සිතන සමහර දෙමවුපියන් ඉගෙන ගන්නන් වාලේ දරුවාට ඉගෙන ගැනීමට ඉඩ දී බලා සිටී.
මෙවන් හේතූන් නිසා සමහර විට ඉගෙනීමේ දක්ෂතා ඇති වාසනාවන්ත දරුවන් නැති නාස්ති වන අවස්ථා ඕනෑ කරම් සමාජයේ දක්නට ලැබේ.
මේ අමනෝඥ දෛවඥයින් සිදුකරනු ලබන පාප කර්මයකි.එම නිසා ජන්ම පත්‍රයක් මතුපිටින් අතපත ගා අනාවැකි පල කරන ජ්‍යොතිෂවේදීන් යැයි කියා ගන්නා රැවටිලිකාරයින්ගෙන් සමාජය බේරා ගැනීමේ කාලය එළැඹ තිබේ.
රාහු පස්වැන්නේ සිටියදී අට අධිපති ද බලවත් වුවොත් ඔහු ඉගෙනීමේ අති දක්ෂයෙක් බව ජ්‍යොතිෂය පෙන්වා දෙයි.මෙවැනි දරුවන්ට ශිෂ්‍යත්ව ලැබීමේ වාසනාව ඇත.
රාහු 5 වැන්නේ බලවත්ව සිටින විට බුධ ග්‍රහයා සතුරු - නීච නොවී ශුභ ආකාරයෙන් තැන්පත්වීමෙන් විවිධ භාෂා ඉගෙනීමෙහි දක්ෂයෙක් කරයි.බලවත් ගුරුගේ දෘෂ්ටි ලැබූ රාහු 5 සිටීමෙන් රාහුගේ බල බිඳී යයි.එවිට කඩාකප්පල්කාරී රාහුට අවශ්‍ය දේ කළ නොහැක.
රාහු පස් වැන්නේ සිටින විට කේතු තැන්පත් වන්නේ 11 වැන්නේ ය. ඥානයට අධිපති කේතු 11 වැන්නේ සිටින විට ගන දෙවි නුවණ පහළ වේ.එවිට ඕනෑම දෙයක් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කළ හැකි වේ.මේ අනුව රාහු 5 සිටීම වාසනාවකි.
රාහු පස් වැන්නේ අශුභව තැන්පත් වුවද ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් පුරාණාචාර්යවරුන් පෙන්වා දී තිබේ. මේවා හොඳින් ඉගෙන අධ්‍යනය කර තමා අභිමුවට පැමිණෙන සේවාදායකයා අපහසුතාවයට පත් නොකොට ඔවුනට සහනයක් සැලසෙන අයුරින් කටයුතු කිරීම සියලු ම ජ්‍යොතිෂ ශාස්ත්රඥයින්ගේ වගකීම වේ.